(+94) 362266455
mvwaharaka@gmail.com
වහරක මහා විද්‍යාලය
වහරක
Register
Login
වහරක මහා විද්‍යාලය
වහරක
මුල් පිටුව
අපේ පාසල ගැන
ඉතිහාසය හා සම්ප්‍රදායන්
ඉතිහාසය
ආදි විදුහල්පතිවරු
පාසලේ අනන්‍යතාවය
පාසලේ පැතිකඩ
දැක්ම හා මෙහෙවර
පාසල් ගීතය
ලාංඡනය හා ආදර්ශ පාඨය
පාසලේ කොඩිය
පාසලේ නිල වර්ණ
නිල ඇඳුම
පාසලේ නිවාස
පාසලේ විනය නීති
අධ්‍යයන
විෂයමාලාව
ද්විතියික අංශය
පරිපාලනය
පරිපාලන ව්‍යුහය
කාර්ය මණ්ඩලය
විදුහල්පති
අධ්‍යයන කාර්ය මණ්ඩලය
ශිෂ්‍ය කාර්ය සාධනය
පුවත් හා විශේෂ අවස්ථා
ජයග්‍රහණ
සමාජ හා සංවිධාන
ගැලරිය
අප හා සම්බන්ධවන්න
අපේ පාසල ගැන
Toggle navigation
ඉතිහාසය හා සම්ප්‍රදායන්
ඉතිහාසය
ආදි විදුහල්පතිවරු
Home
අපේ පාසල ගැන
ඉතිහාසය හා සම්ප්‍රදායන්
ඉතිහාසය
ඉතිහාසය
පාසලේ ඓතිහාසික විකාශය
19 වන සියවසෙහි අගභාගයෙහි මෙරට පාලනය කළ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ දුර්වල අත්තනෝමතික පාලනය හා බදු බර නිසා සිංහලයෝ පීඩනයට පත්වූහ. මේ නිසා විවිධ උද්ඝෝෂණ කැරලි කෝලාහල ඇතිවිය. How to rules Ceylon නම් වූ කොමිසමෙහි නිදේශය මත 1894 දී ගෝණගල්දෙනිය වහරක ගමෙහි කතෝලික පාසලක් ආරම්භ කිරීමට යටියන්තොට රෝමානු කතෝලික පියතුමා සූදානම් විය. එයට විරෝධය හැක්වූවන් අතර ඉදුරානේ ඒ.ඒ. මාගිරිස් අප්පුහාමි , මීවිටිගම්මන බී. එස්. සී. බුරන්පිඅප්පුහාමි හා වහරක ගමේ ආරච්චි පදවිය දැරූ බද්දේ නිළමේතුමාද ප්‍රධානත්වය ගන්න ලදී.
වහරක ගෝනගල්දෙනියේ දළුවලාන ඔය අසබඩ තැනිතලා බිම් කොටසක් රත්නාගල මොරගොඩ කන්කානම්නාලගේ හෙන්දිරික් අප්පුහාමි මහතාගෙන් ලබාගෙන එහි වරිච්චි බිත්ති හා පොල් අතුවලින් සෑදූ කුඩා ශාලාවක වහරක බෞද්ධ මිශ්‍ර පාසල 1894 දී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 15 කින් ආරම්භ කරන ලදී. වහරක විදුහලෙහි ප්‍රථම විදුහල්පතිතුමා වූයේ කඩුගන්නාවේ ඩබ්.පී. හේරත් මහතායි.
විදුහලෙහි පාලන කටයුතු මෙහෙයවූ එස්.ඒ.ඩී. බුරන්පුඅප්පුහාමි මහතාගෙන් මාසික වැටුප ලබාගැනීමට මීවිටිගම්මනට යාමට පුරුදුව සිටියේය. පසුව මෙම විදුහල පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට පවරා දෙන ලදී.
1917 දී විද්‍යාලයේ විදුහල්පතිව පැමිණියේ ඒ.සී.එස්. අබේගුණවර්ධන මහතායි. 1922 දක්වා සේවය කළ යුගයේ පරම විඥානාර්ථ සමාගමෙහි පාලනය යටතේ තවත් ගොඩනැගිල්ලක් ඉදිවිය.
1928 දී විදුහල්පතිව පැමිණියේ කුරුණෑගල කටුපොත නිජබිම වූ අතිශයින්ම විරල ගනයේ පුද්ගලයෙකු වූ පී.ඒ. සිරිසේන මහතායි. වහරක විදුහල් මාතාවගේ සමෘද්ධිමත්ම කාලය මෙතුමාගේ පැමිණීමෙන් උදාවිය. තම වැටුප පවා විදුහලෙහි අභිවෘද්ධියට කැප කළ මෙතුමාගේ උත්සාහයෙන් විදුහලෙහි ප්‍රථම ස්ථීර ගොඩනැගිල්ල තනවා 1934 දීඉහළ පන්ති ආරම්භ කළේය.
1890 වනවිට ලංකාවේ පැවතියේ බෞද්ධ පාසල් 50 කි. ඌරාපොල සිට රුවන්වැල්ල දක්වා බෞද්ධ පාසලක් නොවීය. නව ගොඩනැගිලි ඉදිකිරීමට ප්‍රදේශයේ ඉංග්‍රීසි ජාතික වතු අධිකාරීවරුනගෙන් ලබාගත් එතුමා විෂය ක්ෂේත්රයේ පුළුල් කරමින් විවිධ පාලනය කාර්මික හා කලා විෂයයන් ඉගැන්වීමට ආරම්භ කරන ලදී. උඩරට නැටුම් ඉගැන්වීමට අල්ගම පරපුරෙහි දක්ෂ නාට්‍ය ආචාර්යවරු ලබාගන්නා ලදුව සමස්ථ ලංකා උඩරට නැටුම් තරගයෙන් ප්‍රථම ස්ථානය වහරක බෞද්ධ මිශ්‍ර පාඨශාලාව ලැබුණේ 1937 වසරේදීය.
එතෙක් කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම මගින් පාලනය කරනු ලැබූ වහරක බෞද්ධ මිශ්‍ර පාඨශාලව, ආනන්ද, නාලන්ද, මහින්ද, ධර්මරාජ අනෙකුත් බෞද්ධ පාසල් මෙන් රජයේ බෞද්ධ විදුහලක් බවට පත්විය. 1965.04.04 දිනය. 1965.03.10 දින එවකටඅධ්යාපන ඇමතිව සිටි ගරු පී.බී.ජී.කළුගල්ල මැතිතුමා අප විදුහල මහා විදුහල තත්වයට උසස් කරන ලදී.
1968 දී කලා හා වාණිජ විෂය ධාරාව සදහා අ.පො.ස (උ.පෙළ ) පන්ති ආරම්භවිය. පසුව රජයෙන් ලද අක්කර 08 ක භූමි භාගයක ඉදිවූ නව ගොඩනැගිලි සංකීර්ණය ට ක්‍රි.ව 1975 දී 6-13 දක්වා පන්ති ගෙන යාමෙන් අනතුරුව ආදි ගොඩනැගිලි පද්ධතිය 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා වූ ප්‍රාථමික අංශය සදහා වෙන්විය. මෙම විදුහල 1996 සිට ඩී.එස්.ඩී ව්‍යාපෘතියක විද්‍යාලයක් ලෙස තෝරා ගැණිනි. ඒ යටතේ ගොඩනැගිලි විවිධ විෂයානුබද්ධ උපකරණ වැනි භෞතික සම්පත් රැසක් ලබා ගැනීමට අවස්ථාව උදාවිය.
2006 වසරේ සිට නවෝද්‍යා පාසලක් ලෙස නම් කරනු ලැබූ මෙම පාසල් භෞතික පරිසරය ක්‍රමවත්ව නඩත්තු කෙරිණි. 2010 වර්ෂයේ සිට අ.පො.ස (උ.පෙළ ) විද්‍යා විෂය ධාරාව ද ආරම්භ වීම මෙම පාසල තැබූ තවත් ඉදිරිපියවරක් විය.
2012 වර්ෂයේ සිට ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා විසින් හදුන්වා දුන් පාසල් 1000 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව මෙම පාසලේද දැනට ද්වීතීයික පාසලක් ලෙස සංවර්ධනය වෙමින් පවතී. ඒ අනුව 2013 වර්ෂයේ සිට ඉංග්‍රීසි මාධ්‍ය පන්ති ද ආරම්භ වී ඇත. දැනට මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයක්ද ඉදි කොට ඇති අතර අනාගත වැඩදායී ලෝකයට දරුවන් යොමු කිරීමට අවශ්‍ය පහසුකම් ලැබෙමින් පැවතීම ප්‍රදේශවාසී ජනතාව ලද භාග්‍යයකි. 2017 වර්ෂයේ සිට ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වීමට නියමිතය